Northern Provincial Council

නාග පූෂනි අම්මන් කෝවිල

නාග පූෂනි අම්මන් කෝවිල

නයිනතිව් නාගපූෂනි අම්මන් යනු ශ්‍රී ලංකාවේ නයිනතිව් දූපතේ පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටි පෞරාණික හා ඓතිහාසික හින්දු කෝවිලකි.

1620 දී පෘතුගීසීන් විසින් පෞරාණික ව්‍යුහය විනාශ කිරීමෙන් පසු වර්තමාන ව්‍යුහය 1720 සිට 1790 දක්වා කාලය තුළ ඉදිකරන ලද්දකි. මෙම කෝවිල නැරඹීම සඳහා දිනකට සංචාරකයන් 1,000 ක් පමණ පැමිණෙන අතර උත්සව අවස්ථාවන්හි දී දළ වශයෙන් සංචාරකයන් 5,000 ක් පමණ පැමිණේ.

දෙමළ මාස ක්‍රමය අනුව ආනි හෙවත් ජූනි/ජූලි මාස තුළ පුරා දින 16 ක් සමරනු ලබන වාර්ෂික මහෝත්සවය (මහෝත්සව තිරුවිලා) වන්දනාකරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක ආකර්ෂණයට ලක් වේ. අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම විහාරස්ථානයේ මූර්ති 10,000 ක් පමණ ඇතැයි ගණන් බලා ඇත.

නයිනතිව් නාගපූෂනී අම්මන් කෝවිලේ අලංකාර සහ වර්ණවත් ද්වාර ස්ථම්භ (ගෝපුරම්) හතරක් ඇත.