Northern Provincial Council

නල්ලූර් කෝවිල

නල්ලූර් කෝවිල

නල්ලූර් කන්දස්වාමි කෝවිල යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ නල්ලූර් හි පිහිටි හින්දු කෝවිලකි. කෝවිලට අධිපති දෙවියන් මුරුගන් ය.

මෙම කෝවිල 948 දී ආරම්භ කරන ලදී. 15 වන සියවසේදී කෝට්ටේ හයවන බුවනෙකබාහු රජු විසින් මෙම කෝවිල සංවර්ධනය කරන ලදී.

අද වන විට මෙම කෝවිල ද්වාර ස්ථම්භ (ගෝපුරම්) තුනකින් සහ ඝණ්ඨාර කුළුණු හයකින් සමන්විත අතර එහි බලකොටු පවුරු සමඟින් එය නල්ලූර්හි බලකොටුවක පෙනුමක් ලබා දෙයි.

දින විසිපහක් පුරාවට පැවැත්වෙන මෙහි වාර්ෂික උත්සව කාලයේ දී  විවිධ යාග අභිෂේක සහ විශේෂ පුජා පවත්වනු ලැබේ.

මඤ්ඤම්, කෛලාසවාහනම්, වෙල්ලිවිමානම්, තණ්ඩයුතේපානි උත්සවම්, සප්පරම්, වැදගත්ම තේර් තිරුවිලා (රථ මංගල්‍යය), තීර්ථම් (දිය කැපීමේ මංගල්‍යය) සහ තිරුකල්‍යානම් (ශුද්ධ මංගල්‍යය) යනු මංගල්‍යයේදී මඟ හැරිය නොහැකි විශේෂ අවස්ථා වේ.